‘ඩී.වී.උපුල් ගෝත්‍රික යුගයේ කෙනෙක්‘


මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්වූ පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට දඬුවම් කරන බව පැවසූ දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල්ගේ ප්‍රකාශයට තම පක්ෂය එකඟ නොවන බව සන්ධාන මහ ලේකම් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (3) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කීවේය.

පොලිස් නිලධාරීන්ට ගෝත්‍රික යුගයේ දඬුවම් දෙන බව පැවසූ පළාත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහුගේ දැනුමේ ප්‍රමාණය බවද ප්‍රේමජයන්ත මහතා පැවසීය.

තම පක්ෂය මාර්ගයෙන් ඩී.වී.උපුල් ගැන දැනුම්දීමක් ලැබුණු පසු ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන තීරණය කරන බවද සන්ධාන මහ ලේකම්වරයා සඳහන් කළේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)