සංහිඳියාව ඇති කිරීමට බව කියමින් විදේශ අමාත්‍යංශය පැවැත්වීමට යන ඩයස්පෝරා සැණකෙළිය නිසා අවසානයේ තිබෙන සංහිඳියාවත් නැතිවී යා හැකි බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (21) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම සැණකෙළිය ඊළාම් අරමුණු හා බෙදුම්වාදය ශක්තිමත් කරන ව්‍යාපෘතියක් විය හැකි බවත් එයට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට උත්සාහ කරන බවත් ඔහු කීවේය.
මෙයට ‘ඩයස්පෝරා‘ යන නම යොදා ගැනීමෙන් ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවන බවද එලෙස සංහිඳියාව ඇති කළ නොහැකි බවත් ජනපතිවරයා මේ ගැන දරණ මතය කුමක්දැයි වහාම රටට හෙළි කළ යුතු බවද වර්ණසිංහ මහතා පැවසීය.


