(බිඟුන් මේනක ගමගේ )
ටී.එන්.එල් රූපවාහිනී නාලිකාවට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය සීල් තැබීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ හේතු දැක්වීම් හා ආයතන හිමිකාරිත්වයේ ප්‍රතිචාර විවාද සම්පන්න බැවින් ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් විස්තරාත්මක කරුණු දැක්වීමක් කළ යුතු යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සිය ප්‍රවෘත්ති විකාශයන්හිදී දැඩි විවේචනාත්මක ස්වරූපයකින් පල කරන්නට ටී.එන්.එල් නාලිකාව කටයුතු කිරීම හා මෙම තහනම අතර සම්බන්ධයක් ඇතිදැයි සමාජ කතිකාවක් නිර්මාණය වී ඇතැයි එහි කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.
ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනාත්මකව කටයුතු කරන ජනමාධ්‍ය ආයතන බිය වැද්දීම සඳහා විවිධ උපාය මාර්ග අනුගමනය කිරීමේ අවස්ථා කිහිපයක්ම මෑත කාලයේ වාර්තා වී යැයි චෝදනා කරන එම සංවිධානය එවැනි බිය වැද්දීම්, තර්ජනය කිරීම් හා බාධා කිරීම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට හිතකර නොවන්නේ යැයි ද අවධාරණය කරයි.
එබැවින් ශ්‍රී ලංකාවෙහි වඩා උසස් මාධ්‍ය සංස්කෘතියක් සේම උසස් දේශපාලන සංස්කෘතියක්ද නිර්මාණය වීම අත්‍යවශ්‍ය බව කල්පනා කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සඳහා බලපෑම් කරමින් මෙම සිදුවීමට අදාළ සියලු කරුණු ඉතාමත් සැළකිල්ලෙන් අධ්‍යනය කරමින් සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.