‘ටී.එන්.ඒ.ආකල්ප වෙනස්විය යුතුයි‘


පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෝ පිරිසක් යාපනය දිස්ත‍්‍රීක්කයෙන් මකුළුවා ලකුණින් ස්වාධීනව තරග කරති.

මෙවර මැතිවරණයේදී පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින් දෙමළ ජාතික සන්ධානයෙන් තරග වැදීමට ඉල්ලා සිටියද එය ප‍්‍රතික්‍ෂෙප විය.

මකුළුවා ලාංඡනයෙන් යාපනය දිස්ත‍්‍රීක්කයට තරග වදින හිටපු කොටි සාමාජිකයින්ගේ කණ්ඩායම් නායකයා වූ නඩේසපිල්ලෙයි විද්‍යාධරන් උදයන් හා සුඩර්ඕලි පත්‍රවල හිටපු කර්තෘවරයෙකි. ඔහු කියා සිටින්නේ උතුරු නැගෙනහිර මුල් බැසගත් දේශපාලනයට තම පක්‍ෂයේ ආගමනයෙන් බලපෑමක් එල්ලකොට ජනතාවාදී යුගයක් බිහි කිරීමට අවස්ථාවක් උදා වන බවයි.

රටේ එකමුතුකම හා සංවර්ධනයට උතුරත් දකුණත් අත්වැල් බැඳගත යුතු බවත් උතුරේ තරුණයින් පිරිසක් හම්බන්තොට පැමිණ ශ්‍රමදානයක් කිරීමට කැමති බවත් විද්‍යාධරන් කියයි.

දෙමළ තරුණ ආකල්ප ගැන දෙමළ ජාතික සංධාන නායකයන්ගේ ආකල්පද කාලීනව වෙනස්විය යුතු බව ඔහු පවසයි.

01[1] 02[1] 03[1] 05[1]