‘ටිරාන් අලස් 29 තෙක් අල්ලන්නේ නෑ‘


පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ලබන 29 වැනි දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීපතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

උතුරු නිවාස ඉදි කිරීම සඳහා පිහිටැවූ රාඩා ආයතනයේ සිදුවීයැයි කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි. ටිරාන් අලස් මහතා එහි හිටපු සභාපතිවරයාය. රාඩා ආයතනයෙන් එකම නිවසක්වත් ඉදි නොකළ බව ද, එම මුදල් කොටි සංවිධානයට දී ඇතැයි ද පොලිසිය කියයි.

මීට පෙර මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රීපවන් මහතා ඉදිරියේ කැඳවුව ද ඔහු විදේශ ගත වී ඇති නිසා රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ පෙත්සම කැඳැවිණි.

මුල් විනිසුරු මඩුල්ල හමුවේම පෙත්සම කැඳවීමට සියලු පාර්ශ්ව එකඟවූ අතර අගවිනිසුරු දිවයිනට පැමිණ ලබන 29 වැනි දා පෙත්සම කැඳවන තුරු පෙර තත්ත්වයේම පවත්වාගෙන යන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අධිකරණයට දැනුම් දුන්නේය.