තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27, 28, 30 යන තෙදිනේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රීපවන් ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.
අලස් මහතා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා දී තිබූ සහතික වීම ද පෙත්සම විභාගයට ගැනීම ආරම්භ කරන ලබන 27 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි පවත්වාගෙන යාමට ද අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා එකඟතාවය පළ කළේය.

