‘ඥාණසාර හිමිට දුන් දඬුවම ගැන කණගාටු වෙනවා‘- නලීන් බණ්ඩාර


(අංජුල මහික වීරරත්න) 
 
ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ලැබුණු දඬුවම ගැන කණගාටු වන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද (19) පැවසීය.
 
නීතියේ දෙවඟන ඇස් වසා සිටින නිසා තීන්දුව දෙන්නේ පුද්ගලයා දෙස බලා නොව කාරණය දෙස බලා බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අධිකරණයට ඇගිලි නොගසන හෙයින් කළ හැක්කේ කණගාටු වීම පමණක් බවද සඳහන් කළේය.
 
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නලින් බන්ඩාර මහතා මේ බව කීය. 

 

(ඡායාරූපය ශාන්ත රත්නායක)