‘ජේ.ආර්ට බැරි දේ ගාල්ලේ සුමනදාස කළා‘


‘ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපති මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ බලයේ සිටින ජනාධිපති කිසිවකුට පැරදවිය නොහැකි ලෙසයි. නමුත් ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන කියන ජෝතිෂවේදියාට පිං සිද්ධ වෙන්න අවුරුදු දෙකකට කලින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අපට එළවන්න අවස්ථාව ලැබුණා.‘ යැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කඩවත ජනහමුවක දී පැවසීය.

‘සුමනදාසට කවුරුන් බැන්නත් හිතට එකඟව මට නම් බනින්න බෑ. මොකද එතුමානේ මාරාන්තික නැතක දුන්නේ. ඉතින් කොච්චර ලොකු සේවයක් ද?

හිටපු ජනපති දැන් පන්සල්වලට ඇවිත් කෑ ගහන්නේ ජනතාව හෝ රට වෙනුවෙන් නොවෙයි. ඔහුගේ පවුලේ උදවියට තිබෙන චෝදනා ගැන හොයන්න ගියාම කියනවා අපි දඩයම් කරන බව. ඔව් අපි දඩයම් කරනවා. අපි දඩයම් කරන්නේ හොරුන්. අපි හොරුන්ව දඩයම් කරන බව පොරොන්දු වුණා. කැබිනට් ඇමැතිවරුන් මාංචු දාගෙන බන්ධනාගාරවලට රැගෙන යනවා මීට පෙර දැක තිබෙන්නේ චිත්‍රපටවල පමණයිනේ. ‘ යැයි ද ඔහු කීවේය.

11393278_10156328606945377_8427003674836726142_n 11406808_10156328603745377_796104384080622540_n