‘ජිනීවා යෝජනාව වෙනස් කරන්න එපා‘


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )

ජිනීවා මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව රටට වාසිදායක එකක් බැවින් එය වෙනස් කිරීමට උත්සාහ නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා ජිනීවා යන බව කියන ජනපති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම යෝජනාව මගින් රජයේ ක්‍රියාමාර්ග අගය කර ඇතැයි කී ඇමතිවරයා එය ආපසු හරවන්නට එපා යැයි ද සදහන් කළේය.

ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ තම සීමාව තුළ බවද ඇමතිවරයා කීවේය .

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.