ජිනීවා මානව හිමිකම් වාර්තාවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතා සමුළුවක් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී අද (19) පැවැත්විණි.
නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතවරු සමග කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ජාතික නිදහස බිලිදෙන හයිබ්‍රිඩ් අධිකරණයට එරෙහි ජන සමුළුව ලෙස නම් කර තිබූ එම සමුළුව සඳහා පැමිණි ජනතා නියෝජිතයෝ පැමිණ සිටි පිරිස සමග එක්ව බිම වාඩිවී සිටිනු දැකිය හැකි විය.






