මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා යෝජනා කර ඇති විශේෂ මිශ්‍ර අධිකරණය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ඉඩ නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
අද (21) පෙරවරුවේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ කීවේය.


