(එෆ්.අස්ලම්)
තමන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සත්‍ය වුවත් තමා කිසිදු අවස්ථාවක ජාතික කොඩියට අවමානයක් සිදු නොකළ බවත් තමාට එරෙහි ක්‍රියාමාර්ගයක් ගත හැක්කේ තමා ජාතික කොඩියට අවමන් කිරීමක් සිදුකර ඇති නම් පමණක් බවත් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් මහතා ලංකාදීපයට පැවසීය.
වව්නියාව ඉරට්ටපෙරියකුලම් විද්‍යාලයේ පසුගිය වසරේ පැවති උත්සවයේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියට අදාලව සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ අදහස් පලකර සිටියේය.
ශ්‍රී ලංකා ධජයේ සිංහයා සහ අසිපත තුළින් සෙසු ජාතින් සිංහල ආධිපත්‍යට යටත්ව ජීවත් විය යුතුයි යන නිරූපනය වන නිසා දෙමළ නායකයින් ජාතික කොඩිය පිළිනොගන්නා බවත් එය චෙල්වනායගම් පියාණන්ගේ කාලයේ සිටම රකින ප්‍රතිපත්තියක් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
එමෙන්ම ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිනොගැනීම තම කැමැත්ත සහ අයිතිය බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අනුචිත ක්‍රියාවක් මෙන්ම තම මූලික අයිතිවාසිකම්ද අහිමි කිරීමක් බවත් හෙතෙම කීය.
එමෙන්ම තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරනවා . වෙනුවෙට රටේ නායකයින් සියළු ජාතින් හට සම අයිතිවාසිකම් දිනාදීමටත් සියළු ජාතීන්ම සමසේ නිරූපණය වන ආකාරයේ ජාතික ධජයක් නිර්මාණය කිරීමටත් කටයුතු කළයුතු බවද සර්වේෂ්වරන් මහතා සඳහන් කළේය.