(ඩයනා උදයංගනී)
ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමේ සිට පසුගියදා විපක්‍ෂයට එක්වීමට තීරණය කළ මන්ත‍්‍රීවරුන් 16 දෙනාලබන මැයි මස 7 වැනිදා මඩකලපුවේදී පැවැත්වෙන පක්‍ෂ මැයි දින රැළියට සහභාගී වන බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මැයි දින කමිටුවේ සභාපති, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
තමන් අනිවාර්යයයෙන් පක්‍ෂයේ මැයි දින රැළියට සහභාගී වන බවත් ඔවුන් සියලූ දෙනා පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ප‍්‍රකාශ කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.
එමෙන්ම එම කණ්ඩායම නියෝජනය කරන එස්.බී දිසානායක, සරත් අමුණුගම මන්ත‍්‍රීවරුන් හා සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මන්ත‍්‍රීවරිය පක්‍ෂ මැයි දින කමිටුවේ සාමාජිකයින් ලෙස ද කටයුතු කරන බව අමාත්‍යවරයි කියා සිටියේය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී විපක්‍ෂයට ගිය 16 දෙනා මැයි දින රැළියට සහභාගි වෙනවාද යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඡායාරූප හා විීඩියෝ - ශාන්ත රත්නායක