(දයාරත්න ඇඹෝගම)
කවුරු කොහොම කිව්වත් තමන් ජාතික ආණ්ඩුවක් සැදිමට එක් නොවන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (27)දින අනුරාධපුරයේදි පැවසිය.
අනුරාධපුර කුරුන්දන්කුලම පිහිටි ඒ මහතාගේ නිවසේදි පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව පැවසිය.
එම මාධ්‍ය හමුවේදි මාධ්‍යෙව්දින් අමතමින් එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙසේද පැවසිය.
ඒ.ජ.ප.ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව යහපාලන ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා අවරුදු හතරකට පස්සේ එහි අසාර්ථකභාවය නිසා තමයි මම ශ්‍රී.ල.නි.පය ඉන් ඉවත් උණේ.
ඉවත්වෙලා තිබුණ අඩුපාඩු ජනාධිපතිපති තුමා පෙන්නලා දුන්නා.
ජනධිපතිතුමා අගමැතිරයාට මුණටම මේවා කිව්වා. බැදුම්කරය ගැනත් එතුමාට කිව්වා.ඒ තිබුණ සියලුම් ගැටළු කිව්වා.ඉතින් මාධ්‍යවලින් මොනවා කිව්වත් මන් දන්නේ නැහැ ආයේ මේ අයට එකතුවෙලා ජාතික ආණ්ඩු හදන්න පුළුවන් වෙයි කියල.
එහෙම උනොත් ජනතාවට ඒක අප්‍රසන්නම දෙයක් වෙයි. අද ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එකතු වෙලා ඉදිරි කටයුතු ඉතා සාර්ථකව කරගෙන යනවා.