‘ජාතික ආණ්ඩුවක් ආවේ මහින්දට බයේ‘


ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ ජාතික අවශ්‍යතාවයක් නිසා නොවන බවත්, එය හුදෙක්ම දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම සඳහා බවත් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

‘මහින්ද නැති රට‘ මැයෙන් කොළඹ ජාතික පුස්තකාළ ශ්‍රවනාගාරයේ දී ඒ හිමියන් කීවේ සිරිසේන - රනිල් හවුල ජාතික ආණ්ඩුව නමින් හැඳින්වීම හෙළා දකින බවයි.

‘ජාතික ආණ්ඩුවක් පිහිටවූයේ මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණෙතියි තිබෙන බිය නිසයි. මේ ආණ්ඩුවේ සිටින නයි පොළොඟුන් රාජපක්ෂගේ දේශපාලන ආගමනය වැළැක්වීමට විවිධ මගඩි වැඩ කරාවි.‘