‘අපි ජාත්‍යන්තරය තරහ කර ගත්තේ නෑ. ඉන්දියා අගමැති ලංකාවට ආවා. තවත් අය ආවා. ඇමෙරිකා ජනාධිපති බරක් ඕබාමාත් වසරේ අන්තිම ලංකාවට එන්න පොරොන්දු වෙලා තිබෙනවා. ‘ යැයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
‘අද තියෙන විපක්ෂය ප්‍රතික්ෂේප වූ විපක්ෂයක්. ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ විශ්වාස භංගයක් ගේන්න. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව පෙන්නුව විශ්වාසය තියෙන්නේ කාටද කියා. මහින්ද රාජපක්ෂ, ඔහුගේ ආණ්ඩුව සහ ඔහුගේ ප්‍රතිපත්ති ජනතාව පැහැදිලිව ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිවරණය අවසන් වූ ගමන් මහ මැතිවරණයක් තිබ්බා නම් විපක්ෂයට මන්ත්‍රීධුර 60කට වඩා එන්නේ නෑ. ‘
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ඉසංක සුනිමල්)



