‘ජවිපෙ හදන්නේ මුක්කුවක් ගහන්න‘


ජනතා විමුක්ති පෙරමුණ සිතාගෙන ඉන්නේ කවුරුන් හෝ ආණ්ඩුවක් හදන පිරිසට එකතුවෙලා මුක්කුවක් ගසා තල්ලුවක් දී මොකක් හෝ කරගන්න පුළුවන් යනුවෙන් බව පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා අලුත්වල බාන්වැල්ගොඩැල්ල ජනහමුවකදී පැවසීය.

‘ඒගොල්ලෝ කිව්වේ නවීන සමාජවාදය හදනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් කට්ටිය බල බල ඉන්නවා කවුද දිනන්නේ කියලා. වැඩිම ආසන ලබාගන්න පක්ෂයකට වැඩිම ගණනක් අරන් පනින්න බලාගෙන ඉන්නවා‘ යැයිද ජයගොඩ මහතා කීවේය.