‘ජවිපෙ කී දේ මුලින් ගණන් ගත්තේ නෑ‘


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තර ප්‍රශ්න බවට පත් කිරීම ජනතාවට කළ බලවත් වරදක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අදහස් පළ කළ ටිල්වින් සිල්වා මහතා මේ වන විට පවතින තත්ත්වය අනුව පිළිගත හැකි පරීක්ෂණයක් නොකර සිටීම පිටස්තර පරීක්ෂණයකට අතවැනීමක් විය හැකි බවත් පැවසීය.

ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිගැනීම බටහිර ජාතීන්ට රටට ඔළුව දමාගැනීමට ඉඩ හැදීමක් වන බවත් ඔහු කීවේය.

jvp_201510453 jvp_201510453-2