පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවූ ගංඟා, ද්‍රෝණී හා ජලාශ කළමනාකරණ අධිකාරී හා රුධිර ප්ලාස්මා මිලදී ගැනීම පිළිබඳවූ යෝජනා රටේ සමස්ත ආර්ථිකයටත් ජීවිතවලටත් ඉතා භයානක බලපෑම් එල්ල කළ හැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එම යෝජනා මීළඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ හරහා ජලය හා රුධිරය වෙළඳ භාණ්ඩ බවට පත්කිරීමේ පසුගිය ආණ්ඩුවල සැලසුම් ආරම්භවනු ඇති බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ අද (9) කොළඹ සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

