‘ජල සම්පත අලෙවි කරන්නේ නෑ‘


පසුගිය රජය සමයේ ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් අණපනත් සකස් කරන බවට ප්‍රචාරයක් පැවතුණත් එය බොහෝවිට දේශපාලන වාසි සම්බන්ධයෙන් කරන ලද ප්‍රචාර බවත් ස්වාභාවික ජල සම්පත අලෙවි කිරීමේ  වැඩපිළිවෙළක් කිසිදු හේතුවක් මත වත්මන් රජය මගින් දියත් නොකරන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත ‍සේනානායක මහතා බ්‍රහස්පතින්දා (10) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමි සහ ගලගම අත්ථදස්සි අස්ගිරි මහනාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු පැවසීය.

මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් අමාත්‍යවරයාට ආශිර්වාද එක් කළ අතර ගොවිතැන් කටයුතු සදහා ජලය ලබාදීමේ නිවරැදි හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වඩා යෝග්‍ය යැයි අස්ගිරි පාර්ශවයේ නායක හිමිපාණන් වහන්සේ අමාත්‍යවරයා හමුවේ කීවේය.

vlcsnap-2015-09-10-18h29m20s2015911246 vlcsnap-2015-09-10-18h29m34s1262015911 vlcsnap-2015-09-10-19h13m05s1220159117