‘ජනාධිපති’ කුසලාන රග්බි ශූරතාව බාරදෙයි


ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේදී පසුගියදා නිලවශයෙන් සංවිධායකයන්ට බාර දෙන ලදී.

එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නෙස්ලේ ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ ගනේෂන් අම්බලවානර් සහ පාසල් රග්බි සංගමයේ සභාපති අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂ රංජිත් චන්ද්‍රසේකර යන මහත්වරුන්ට ප‍්‍රදානය කළ අවස්ථාව ඡුායාරූපයේ දැක්වේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති (ආයතනික කටයුතු සහ සංනිවේදන) බන්දුල එගොඩගේ මහතා ද (දකුණේ) මෙහි සිටියි.