විනීතා එම් ගමගේ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන තුරු පමාවීම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.
සෝභිත හිමියන් ගේ ආදාහන උත්සවයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියා සපථ කළ ජනාධිපතිවරයා වසරකට පසුව පැවැති ගුණ සමරු උත්සව වල දී ජනාධිපති ක්‍රමය ගැන වචනයක්වත් කථා නොකරන්නට ප්‍රවේශම් වූයේ යැයි ද විජේසූරිය මහතා කීය.
සෝභිත හිමියන් අපවත්වන තුරුම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සිතා සිටියත් ජනාධිපතිවරයාගේ අදහස් එතුමාගේ උපදේශකයන් විසින් වෙනස් කර ඇතැයි පෙනී යන බව ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා කිසිසේත්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට සුදානම් නැති බවත් ඔහු එහි දිගටම එහි රැඳී සිටින්නට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.
විශ්වාසභංගය පරාජය කිරීමෙන් පසු අගමැතිවරයා සුපුරුදු නූල් සූත්තර න්‍යායෙන් හිතනවා ජනාධිපතිවරණය දිනන්න ඔහුටත් පුළුවන් වේවි කියා.
අවංක දේශපාලකයන් මේ රටේ ඉන්නවා නම් ඔවුන්ගේ අවංකකම පෙන්වන්න මේක හොඳ අවස්ථාවක්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් රට අස්ථාවර වෙනවා කියන මුසාව ඉදිරිපත් කරන පුද්ගලයින් අනාගතයේ දී ජනාධිපති සිහිනයේ සිටින අයයි. නැත්නම් තම කොටස වෙනුවෙන් කේවල් කරමින් විධායක ජනාධිපති ක්‍රමය තිබීම සුදුසුයි කියන අයයි. අද මේ වන විට සැබෑ ජාතික නායකයින් වඳ වෙලා ගිහින්.