‘ජනාධිපති බලයට කෑදරයි‘- ටිල්වින් සිල්වා



‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොනදේ කිව්වත් කළත් බලයට කෑදරයි. එතුමා කියනවා 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා.මෙච්චර කාලයක් කරපු දේවල් මදිද .මේ සේවය නම් තවත් එපා ‘ යැයි  ජනතා විමුක්ති පෙරමුණු  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.


කොළඹ බී.ආර්.සී. ක්‍රිඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.


වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා.


‘මේ ජනාධිපති පුටුවේ කවුරු වාඩිවුණත්  දාලා යන්නේ නෑ.කූඩැල්ලා මෙට්ට් තිබ්බා වගේ තමයි.මෙය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. අපි ආරම්භ කරපු සටන ලේසියෙන් නවත්වන්නේ නැහැ. අපිට නැති නෙවන්න කිසි දෙයක් නැහැ. අපි ජයග්‍රහණය කරා යනවාමයි.