(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගත වුවද ජනාධිපතිවරණ අපේක්‍ෂක ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය යුතු යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ලංකාදීපයට අද (28) පැවැසීය.
ජනධිපතිධූරයත්, අගමැතිධූරයත් තම පක්‍ෂයට හිමිවිය යුතු බව කී රණතුංග මන්ත‍්‍රීවරයා තම පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුදැයි පක්‍ෂය මේ වනවිටත් තීරණය කර තිබෙන බවත් සුදුසු වේලාවේදී එය හෙළිකරන බවද කීය.
ජනාධිපතිවරණ ජයග‍්‍රහණය පිළිබඳව පක්‍ෂයට කිසිඳු සැකයක් නැතිබව කී රණතුංග මන්ත‍්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හෝ වෙනත් පක්‍ෂවලින් කවුරුන් ඉදිරිපත් වුවත් තම පක්‍ෂයට ප‍්‍රශ්නයක් නැතැයිද සඳහන් කළේය.

