‘ජනවාරි අට ජනවරම හොරකම පිටුදකින්නයි‘


ජනවාරි අට වැනි දා රටේ ජනතාව ජනවරම ලබා දුන්නේ හොරකම සහ වංචාව පිටු දැකීමට බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

මහජන මුදල් අවභාවිතය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවන නිසා රාජ්‍ය සේවකයන්ට හිරිහැර වන බවට හිටපු ජනපතිගේ පාර්ශ්වයෙන් මතවාදයක් ගොඩ නගන්නට උත්තාහ දරන බව ද, වංචාවක් සිදුවී ඇත්නම් සොයා බැලීම නව රජයේ වගකීමක් නිසා ඒ ගැන සොයා බලන බව ද ඇමැතිවරයා කීවේය.

DSC_0342