ගෙවුණු දස වසරක් පුරා පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් විපරීත වූ සමාජය පිළිසකර කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වී ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද (01) අරලගංවිල ශ්‍රී ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් කියා සිටියේය.
පසුගිය ජනවාරි අට වැනිදා සිදු වූ දේශපාලන පෙරළිය සමාජ පෙරළියක් බවට පත් කිරීම එතරම් පහසු නොවන බවත් දරුවන් වෙනුවෙන් යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමේ සිහිනය යථාර්ථයක් කිරීමේ දී එම සමාජ පෙරළිය සිදු කිරීම ප්‍රමුඛ කාර්යයක් කොට සලකා කටයුතු කළ යුතු බවත් දයා ගමගේ මහතා සඳහන් කළේය.

