මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු හා අගමැති වී ජනාධිපතිවූ මහින්ද රාජපක්ෂ මහතා යළිත් මන්ත්‍රීවරයකු වීමට උත්සාහ කරන බවත් ඔහුගේ එම මානසිකත්වය වත්මන් ජනපති සඵල කිරීමට ඉඩ දෙන්නේ නම් ජනවාරි 8 වැනිදා ජනවරම පාවාදීමක් බව ලංකා හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ යළි බලයට ඒමට විරෝධය පළ කරමින් ‘ජනවරම පාවා නොදෙනු, මහින්දට යළි ඉඩ නොදෙමු!‘ යන තේමාවෙන් මරදානේ අද (8) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීවේය.



