‘ජනබල රැලිය කිසිදු බලවේගයකට නවත්වන්න බැහැ‘


 ( නිමල කොඩිතුවක්කු) 

ජනබල රැලිය  කිසිදු බලවේගයකට නැවැත්විය නොහැකි බවත්  කුමන බාධක පැමිණයත් ඉදිරියටම යන බවත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නුගේගොඩ විජේරාමේ  නිල නිවසේදී පැවැති පක්ෂ නායකයින්ගේ හමුව අවසන් වීමෙන් අනතුරුව ජනබල රැලිය සඳහා පිටත්වීමට සුදානම් වෙමින්  මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා.
‘ බාධා එන්න එන්න අපි ශක්තිමත් වෙනවා. එහෙම වුණාම මේ ගමනේ ඉදිරිය සාර්ථකයි.රැය පහන්වනතුරු විරෝධතාකරුවන් සමඟ මම රැදි ඉන්නවා.