හිටපු ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය ජනපතිවරණයේ දී ඩබල් ගේමක් ගැසීයැයි ඔප්පු කළ හැකි සාධක තමන් සතුව ඇතැයි දඹුල්ල නගර සභාවේ සන්ධාන මන්ත්‍රී අනුර බණ්ඩාර පියරත්න මහතා අද රැස්වීමේ දී ප්‍රකාශ කළේය. තෙන්නකෝන් මහතා ඡන්දය දුන්නෙත් හංසයාට.
නගරාධිපති ජාලිය ඕපාත මහතා - ඔබ එහෙම කියන්නේ වගකීමක් ඇතිවද?
පියරත්න මහතා - ඔව්. හිටපු ඇමැතිතුමා ඒ ඡන්දෙදි ඩබල් ගේමක් ගැසූ බව ඔප්පු කළ හැකි සාධක අප ළඟ තිබෙනවා.
මෙම රැස්වීමේ දී උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න හා නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ මහත්වරු ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විවේචනයට ලක් කරමින් කතා කළහ.

