(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙනන් පසු රට තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට නම් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුත් ආණ්ඩුව වෙනුවට ඉදිරි ජනාධිපතිවරණය තෙක් භාරකාර ආන්ඩුවක් පිහිටුවාගත යුතු බව ශ‍්‍රී ලංකා ජාතික මහා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද (12) පැවැසූහ.
එම කාලය තුළ වත්මන් ආණ්ඩුව ප‍්‍රතිත‍්‍රස්ත පනත ඉදිරිපත් කිරිම ඇතුළු විවාදයට තුඩුදෙන කිසිවක් නොකළ යුතව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.
අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට රාජගිරිය සඳහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේදී එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ජාතික මහා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේද කීහ.
‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට තුල කලබලකාරි නොසන්සුන් තත්වයක් ඇතිවෙලා තියෙනවා. ආණ්ඩුව ගතයුතු ක‍්‍රියාමාර්ග ඒ මොහොත තුල නොගැනිම ඒකට ප‍්‍රධාන හේතුවක් වී තිබෙනවා. ඒ නිසා අපි මේ සම්බන්දයෙන් ජනාදිපතිවරයාට කරුනු කිහිපයක් අවධාරනය කරන්න කැමතියි.
පළමුවෙන්ම මේ ආණ්ඩුව තුළ තිබෙන කලකිරිම සහ අස්ථාවරභාවය තේරුම් අරගෙන යම්කිසි ජාතික මණ්ඩලයක් පත්කරගත යුතුයි. ආගමික නායකයන්ම නෙමෙයි සමහර ක‍්‍රියාකාරි මන්ත‍්‍රීවරුන්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක‍්‍රියාකාරී මට්ටමේ සංවිධාන සහ පුද්ගලයවන්ගෙන් සැදුම්ලත් අයගෙන් සමන්විත මණ්ඩලයක් පත් කරගෙන ආණ්ඩුව ඒ යටතේ කටයුතු කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා.
මේ ආණ්ඩුව කටයුතු කල යුත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පවතින ආණ්ඩුවක් හැටියට නෙමෙයි. මේ ආණ්ඩුව කටයුතු කළ යුත්තේ භාරකාර ආණ්ඩුවක් ලෙසයි. ජනාධිපතිවරණය තෙක් අපිට කෙටි කාලයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ස්ථිරවම ඔක්තෝබර් අග වන විට අපිට ජනාධිපතිවරණයක් ලැබෙයි කියලා. ඒ ලැබෙන කෙටි කාලය තුළ මේ ආණ්ඩුව විවාදයට තුඩුදෙන කිසිවක් නොකළ යුතුයි. මොකද ඒකෙන් රට විශාල වශයෙන් නොසන්සුන් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට ප‍්‍රති ත‍්‍රස්ත පනත ගන්න පුලූවන්. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය දැනටමත් පලකරලා තියෙනවා. අපිට හඟෙන පරිදි මේ වගේ පනතක් අපේ වර්තමාන තත්වයට විසදුමක් නෙමෙයි. ඒ වගේම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ සම්බන්ධයෙන් ක‍්‍රියාකරන්න හැකියාව තියෙනවා.

( චතුර එස් කොඩිකාර - ඡායාරූප )

