මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ රනිල් වික්‍රමසිංහ අගමැති එක්ව විදුලි පුටුවක් පිළිබඳ වූ භීතියත් රට බෙදන බවට ඇති කර තිබූ භීතියත් අවසන් කළ බව අක්කරෙයිපත්තුව ආලෛයඩිවෙම්බු ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පරාජිත සන්ධානය විසින් පතුරවා තිබූ අසත්‍යය මේ වන විට මුළු ලෝකයටම විවර වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂය හා රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් සනාථ කර ගැනීමට එජාප ආණ්ඩුව සමත්ව ඇති බවත් ඔහු කීවේය.
මේ අතර ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැමිණි සිටි පිරිස අමතමින් කීවේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේ නාම යෝජනා සකස් කිරීමේ දී 25%ක් කාන්තාවන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කරගෙන යන බවයි. එසේම රැකියාවක් ලබා ගැනීමට හෝ වෙනත් යම් සේවාවක් ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට කිසිදු සන්තෝසමක් හෝ අල්ලසක් ලබා දීමෙන් වළකින ලෙස ද අනෝමා ගමගේ මහත්මිය ඉල්ලීමක් කළාය.




