ව්‍යවස්ථා දායක සභාව තෝරාගත් නියෝජිතයන් අතර සිටින විජිත හේරත්ගේ පත්වීම වහා අහෝසි කරන්නැයිද එසේ නොකළොත් කථානායක හා ජනපතිට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
අගමැතිවරයා හා විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද ඉවත් කර සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය කැමැති අයකු ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු බවත් ඔහු කීවේය.
පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව පැවසීය.


