‘ජනපතිට නඩු දාන්න බෑ‘


මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කීවේය.

එසේම ඔහුගේ ක්‍රියාකලාපයන්ට හෝ නියෝග වලට එරෙහිව නියෝග දීමේ බලයක්  අධිකරණයට නොමැති බව  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයේදි ප්‍රකාශ කළේය.

ලැබී ඇති එම බලතල ප්‍රකාරව වත්මන් ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනය අධිකරණය හමුවේ අභියෝගයකට ලක් කළ නොහැකි බව ද නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා කීය.