කුරුණෑගලින් හිටපු ජනපතිට තිබූ 1,75000ක මනාප ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවෙන් පසු 75,000ට බැස ඇතැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ පුරවැසි බලය සංවිධානය නුගේගොඩ සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගී වෙමිනි.
‘මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ආරක්ෂා කර ගැනීමේ වගකීමත් බුද්ධිමත් පුරවැසියන් ඉටු කළ යුතුයි.‘ යැයි ද ඔහු කීවේය.
ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, රංගන ශිල්පිනී දීපානී සිල්වා ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.
















