‘ජනපති සමඟ එක්ව ගමනක් යනවා‘


මහ මැතිවරණයේදී කිසිම සන්ධානගතවීමකට නොයන බවත් මහින්ද රාජපක්ෂ මහතා එන විදිය කොයි ආකාරයෙන් දැයි බලා සිටින බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති වටා රොක් වී එතුමන් ගන්නා තීරණයට එකඟව කටයුතු කරන බව පිවිතුරු හෙටක් ජාතික සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (30) පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් තමන් වහන්සේ නොදන්නා බවත් එය නිදහස් පාක්ෂිකයන් හා එහි නායකයන් පවතින තත්ත්වය අනුව තීරණය කරනු ඇතැයිද ජාතික හෙළ උරුමයේ දේශපාලන ගමන මෛත්‍රිපාල සිරිසේන ජනපති සමඟ ඉදිරියට යන බවත් රතන හිමියෝ කීහ.

DSC_0408 DSC_0424 DSC_0427

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක