ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් ඇති කිරීමට උත්සහා ගන්නේ වෙනත් පක්ෂ කිහිපයක පුද්ගලයින් පිරිසක් බව ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා කියයි.
ඒ මහතා එසැණ සමග වැඩිදුරටත් මෙසේද කීය.
‘දේශපාලන වශයෙන් ආනාථ වෙන බව දන්නා කිහිපදෙනෙක් කාගේ හෝ ඇඟේ එල්ලිලා පාර්ලිමේන්තුවට රිංගන්න හදන වෑයමක් තමයි මේ තියෙන්නේ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකුත් රැවටිලා ඉන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපේක්ෂකත්වය ඉල්ලනවලු. මටනම් විලිලජ්ජයි විධායක ජනාධිපතිවරයෙක් විදියට ඉඳලා අගමැති කෙනෙක් වෙන්න. හොඳයි මහින්ද මහත්තයා අගමැති වුණා කියමුකෝ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුවට එනකොට එතුමාට නැගිටලා ගෞරව කරන්න ඕනේ. මහින්ද මහත්තයා ඒකට සුදානම්ද?‘

