‘ජනපති ලේකම් ලංකාවට පැමිණි විගස ටීඑන්එල් ගැටළුව සාකච්ඡා කරනවා‘


(ආරියරත්න රණබාහු සුජිත් හේවාජුලිගේ )

දැනට විදේශ ගතවී සිටින විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති  ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාවට පැමිණි විගස ටී.එන්.එල් රූපවාහිනි ආයතනයේ ගැටළුව සම්බන්ධයෙන්  සාකච්ඡා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී  අද (08) පැවසීය.


මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ උණුසුම් විවාදයක්  පැවැති අතර  ඊට ගයන්ත කරුණාතිලක,මලික් සමරවික්‍රම යන ඇමැතිවරුද, බුද්ධික පතිරණ, නලීන් බණ්ඩාර යන එජාප මන්ත්‍රීවරුද ආචාර්ය බන්දුල ගුණවර්ධන ,කාංචන විජේසේකර,ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද එක් වුහ.