(චන්ද්‍රසේන ගමගේ)
‘‘ජනාධිපති අද ආණ්ඩුව සුද්ධ කරන්න කථා කරනවා. එතුමාට තමන් ගේ පක්ෂය සුද්ධ කර ගන්න මේ වන තුරුත් බැරි වුණා. ජනාධිපති තුමා ඔය ජනාධිපති පුටුවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය නිසයි. ආණ්ඩුව සුද්ධ කරන්නට කලියෙන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්ධ කර ගත්තොත් හොඳයි‘‘ යැයි රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා අද(16) තංගල්ලේදී පැවසීය.
‘‘මම විශ්වාස කරනවා.ආණ්ඩුව සුද්ධ කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතා කර ගනියි. දිගින් දිගටම අපේ පක්ෂයට කෙනෙහිලි කම් කළොත් මේ මැතිවරණයෙන් පසුව එක්සත් ජාති පක්ෂ ආණ්ඩුවක් බිහිවීමේ ඉඩකඩ වැඩි බව අපි සුද්ධ කරන්න එන අයට කියනවා‘‘ යැයි ද ඔහු කීය.
‘‘එස්.බී දිසානායක ඇතුළු පිං ඇමතිවරු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය දිය කරන්න උත්සාහ ගන්නවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන පක්ෂයක්. මහාමාන්‍ය ඩී.එස් සේනානයක වැනි යුග පුරුෂයන් බිහිකළ එක්සත් ජාතික පක්ෂය නැති කරන්න තමන්ගෙ ආසනේ දිනා ගන්න බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු උත්සාහ ගන්නවානම් ඒක ඒ තරම් පහසු කාර්යක් නොවන බව පිංඇමතිවරු සිහිතබා ගත යුතුයි‘‘ යැයි ද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

