‘ජනපති ජන මතයට පයින් ගහලා‘


‘මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළේ මේ රටේ දූෂණය වංචාව නවත්වා යහපාලනය ඇති කරන්නයි. දූෂිතයන්ට දඬුවම් දෙන්නයි. අල්ලස් කොමිසමට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි ගලාගෙන ආවා. දෙතුන් දෙනකු පමණක් අත්අඩංගුවට උසාවි දැම්මා. ඉතිරි අයට කිසිවක් කළේ නැහැ.‘යි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පුරවැසි බලය සංවිධානය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.

හිටපු ජනපතිට නාමයෝජනා දීම සම්බන්ධයෙන් ජනපති සිරිසේනගේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතු යැයි ද ස්ටාලින් මහතා පැවසිය.

‘මහින්ද රාජපක්ෂට අපේක්ෂකත්වය දුන්නා කියන්නේ ජනතා අභිලාෂයට එරෙහි වීමක්.‘

මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝව පහතින්...

_DSC0389 _DSC0398