‘ජනපති ගැන බොරු ප්‍රචාර’


ජනාධිපතිතුමා අසනීප වී බෙහෙත් ගන්නට ඇමෙරිකා ගිය බවට විවිධ කතා ෆේස් බුක් මගින් ද ප්‍රචාරය කරමින්  විපක්ෂය කාලකන්නි සතුටක් ලබතියි ආපදා කළමණාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා හුන්ගමදී පැවසීය.

‘ජනාධිපති තුමා ඉතාමත් නිරෝගීයි.එතුමා තව කළක් මේ රටේ පාලනය ගෙන යන බව කියන්නට කැමැතියි.ජනාධිපතිතුමා ඇමෙරිකා ගියේ පෞද්ගලික සංචාරයක් සඳහා.සමහරුන් ඒ ගැන මඩ ප්‍රහාර එල්ල කරනවා.‘