දක්ෂ සූක්ෂම නායකයෙක් වන ජනාධිපතිතුමා මහ මැතිවරණයට නාම යෝජනා දීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටත් සතුටු විය හැකි ආකාරයේ තීරණයක් ගත් බව මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා අද (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
තමන් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ නොවිය යුතු බව සිතා ජනාධිපතිතුමා ගත් තීරණය ගැන එතුමාට චෝදනා නොකරන බව කී ඇමැතිවරයා ඒ තීරණය නිසා සන්ධානයේ සිටි වැදගත් නායකයින් පිරිසක් එජාපයට එක්වී එහි ජයග්‍රහණය තවදුරටත් තහවුරු කළ බව කීවේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඇමතිවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය -
තවත් පිරිසක් ඔබතුමාලගේ පක්‍ෂයට ඒමට සූදානමින් සිටින බව කීවා. ඒ කවුද කියා කියන්න පුළුවන්ද?
පිළිතුර -
ගම්පහ අපේ ලැයිස්තුවේත් තව හිස් තැන් දෙකක් තුනක් තියෙනවා. ඒ නිසා වාසනාවට වගේ අලූතින් එන අයට අවස්ථාව දෙන්න පුළුවන්. ඔවුන් අත්සන් කළ පසු නම් කියන්නම්. මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා වට කිහිපයක් පවත්වා තිබෙනවා.
ප‍්‍රශ්නය -
කුඩු ව්‍යාපාර කරන දේශපාලනඥයින් ඉන්නවා නම් ඔවුන් පිළිබ`ද හෙළිදරව් කරන්නේ හෝ අත්අඩංගුවට නොගන්නේ ඇයි?
පිළිතුර -
යහපාලනයේ ප‍්‍රතිපත්තිය අනුව සාක්‍ෂි සහිතව ඔප්පු නොවී අපි කිසිවෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ. වරදක් කළ බව තහවුරු නොවූ අයගේ නම් කීවොත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙනවා. ඒත් ඒ අය කවුද කියා ජනතාව දන්නවා.
ප‍්‍රශ්නය -
ඔවුන්ට එරෙහි ක‍්‍රියාමාර්ග නොගන්නේ දේශපාලන බලපෑම් නිසාද?
පිළිතුර -
එහෙම බලපෑම් සිදුවුණේ නැහැ. දේශපාලන සම්බන්ධකම් මේ පිටුපස තිබෙනවා නම් ඉක්මනින් සොයා දෙන ලෙස මම කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවසා තිබෙනවා.
ප‍්‍රශ්නය -
වෙලේ සුදාගේ කට උත්තර වල දුමින්ද සිල්වා මහතාගේ නම කියා තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවා. ඉතින් ඔහුට එරෙහිව පියවර නොගන්නේ ඇයි?
පිළිතුර -
ඒ කීවේ ඔහුගෙන් ණයක් ගත් බවයි. ණයක් දුන්නාට අත්අඩංගුවට ගන්න බැහැ. සාක්‍ෂි තිබිය යුතුයි. ඒ වගේම පොලීසියට අවශ්‍ය ලෙස කිසිවෙක් අත්අඩංගුවට ගන්නත් බැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. එහිදීත් යම් යම් ප‍්‍රමාදයන් වෙනවා. නමුත් අපි බැසිල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන ඇමතිවරුන් ඇතුළු කිහිප දෙනෙකුට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ප‍්‍රශ්නය -
ඔබතුමන්ලාගේ නාමයෝජනා ලැයිස්තුවල හොරුන් ¥ෂිතයින් නැති බව කීවා. ඒත් එජාපයෙන් කරුංකා සුදාලා, තඹ සුදාලා ඉදිරිපත් කර ඇත් බවට විමල් වීරවංශ මහතා චෝදනා කරනවා නේද?
පිළිතුර -
අපේ කුඩු කාරයින්, මූල්‍ය වංචාකාරයින් නැහැ. පසුගිය ආණ්ඩුවේ අය පිටරට බැංකුවල දමා තිබෙන මුදල් සොයා ගත්තොත් අවුරුදු දෙකක් ණය නැතිව ගෙනියන්න පුළුවන්. මේවා වහගන්න තමයි ආයේ බලයට එන්න හදන්නේ.
ප‍්‍රශ්නය -
ජනාධිපතිතුමාව බලයට පත්කළේ ඔබතුමන්ලායි. ඉතින් ජනාධිපතිතුමා ගත් තීරණය පිළිබ`ද ඔබතුමන්ලාගේ අදහස කුමක්ද?
පිළිතුර -
එතුමා දක්‍ෂ, සූක්ෂම නායකයෙක්. ඒ තීරණය නිසා තමයි එහේ අය අපේ පැත්තට ආවේ. එතුමා දෙපැත්තේම අය සතුටු කරන්න පුළුවන් තීරණයක් ගත්තා.
ප‍්‍රශ්නය -
එහෙනම් ජනාධිපතිතුමා හා ඔබතුමන්ලගේ නායකයා එක තැන හිටියත් දෙපැත්ත බලාගෙන ඉන්නේ ඇයි?
පිළිතුර -
දේශපාලනඥයන් එවැනි මවාපෑම් කරනවා. ඒ ගත් තීරණය නිසා ඒ පැත්තේ සිටි හො`ද චරිත කීපයක් අපේ පැත්තට එකතු වුණා. කොහොමද වැඬේ. අහක බලාගෙන හරි වැඬේ කළා. එතුමා හැමවිටම හිතන්නේ තමා නිසා ශ්‍රීලනිපය විනාශ වෙන්න දෙන්න බෑ කියලයි. ඒ නිසා එකම වේදිකාවකට නගින්න එතුමා උත්සාහ කළා. ඒත් දැන් තමන් කිසිම වේදිකාවකට නොනගින බවත් එතුමා කියා තිබෙනවා. තමන්ගේ පක්‍ෂයේ ලැයිස්තුව ගැන එතුමාට සතුටු වෙන්න බැරිව ඇති. සමහරු නොදැම්මා නම් ඔවුන් ස්වාධීන පක්‍ෂවලින් ඡුන්දයට එයි. ඒ නිසා දුන්න එක හො`දයි. ඒ නිසා තමයි අපිට පහසුවෙන් බලය ලැබෙන්නේ.
ප‍්‍රශ්නය -
නාමයෝජනාවලදී පක්‍ෂයේ සභාපතිවරයාට ලේකම්වරයාට බලපෑම් කරන්න බැරිද?
පිළිතුර -
ලේකම් පත්කරන්නේ සභාපතිතුමා නිසා ලේකම්වරයාට යම් බලපෑමක් කළ හැකියි.
ප‍්‍රශ්නය -
එහෙනම් අන්තිම මොහොතේ හෝ නාමයෝජනා ලැයිස්තු වෙනස් කරන්න ජනාධිපතිතුමාට පුළුවන්ද?
පිළිතුර -
එහෙම කතාවකුත් තිබෙනවා. හෙට එළිවෙනකොට බලාගන්න පුළුවන්. අපිට කවුරු ආවත් එකයි. අභියෝගය භාරගන්න අපි සූදානම්. මොන මොන සූත්තර තිබෙනවාද කියා අපි දන්නේ නෑ.
ප‍්‍රශ්නය -
ජනවරම පාවා දුන් බවට ජනාධිපතිතුමාට එල්ල වන චෝදනා ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර -
සිවිල් සංවිධාන ඒ චෝදනාව කරනවා. අපි එතුමාට චෝදනා කරන්නේ නැහැ.
ප‍්‍රශ්නය -
සුසිල් පේ‍්‍රමජයන්ත මහතාට අවශ්‍ය ලෙස නාමයෝජනා දුන් බව ජනාධිපතිතුමා සිවිල් සංවිධාන නියෝජිතයින්ට පවසා තිබුණා. එතුමාට තමන්ගේ පක්‍ෂයේ ලේකම්වරයාට බලපෑම් කරන්න බැරි වුණේ ඇයි?
පිළිතුර -
මම ඒ පක්‍ෂයේ කෙනෙක් නොවන නිසා ඒ ගැන දන්නේ නැහැ.
ප‍්‍රශ්නය -
මෙවර මැතියවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමේ බලය පොලීසියට ලබාදී තිබෙනවාද?
පිළිතුර -
ඔව්. 19 වන සංශෝධනයේ එන ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා නිදහස්ව හා සාධාරණව මැතිවරණය පවත්වනවා. පොලීසියට ඒ නිදහස ලබාදෙනවා.
ප‍්‍රශ්නය -
තවමත් කටවුට් ප‍්‍රදර්ශනය වෙනවා. ඒවා ඉවත් කරන්නේ නැද්ද?
පිළිතුර -
නීතිය ආව ගමන් මම මගේ ඒවා ඉවත් කළා. අනෙක් ඒවා ඉවත් කරන ලෙස පොලීසියට දැනුම් දී තිබෙනවා. ඒත් සමහර ඒවා ගහල තියෙන්නේ අහසේ. ඒවා ඉවත් කරන්න පොලීසියට කේ‍්‍රන් දෙන්න වෙයි.
ප‍්‍රශ්නය -
පෝස්ටර් කටවුට් නැතිව එජාපයට දිනන්න බැරිද?
පිළිතුර -
පුළුවන්. ඒත් පෝස්ටරයක්වත් නැති වුණොත් ජනතාව අහන්නේ දැන්මම පරාජය බාර අරන්ද කියලයි.
ප‍්‍රශ්නය -
මෙවර නාමයෝනා ලැයිස්තුවල කාන්තා නියෝජනය වැඩි වී තිබෙනවාද?
පිළිතුර -
කාන්තාවන් ඉදිරිපත් වෙනවා අඩුයි. හිරුණිකා මැතිණිය අපේ පැත්තට එන බව කියනවාත එහෙම ආවොත් අපේ ලැයිස්තුව ආලෝකමත් වෙයි.
ප‍්‍රශ්නය -
ඔබතුමන්ලගේ පක්‍ෂයේ අයත් අනිත් පැත්තට යයිද?
පිළිතුර -
මම හිතන්නේ නැහැ. දැන් වෙන්න තියන ඒවා සේරම වෙලා ඉවරයි.


