‘ජනපති කිව්වොත් දේශපාලනයට එනවා‘


‘ජනපති කිව්වොත් දේශපාලනයට එනවා. නැත්නම් රට වෙනුවෙන් කළ යුතු වැඩ ටික කරගෙන ඉන්නවා.‘ යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරස නිවුස් ෆස්ට් සමඟ පැවැත්වූ සමූඛ සාකච්ඡාවක දී පැවසීය.

දේශපාලනයට එන්නේදැයි ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම් එසේ පැවසීය.

දේශපාලනයට ආවොත් හම්බන්තොට තෝරා ගන්නේදැයි ඇසූවිට කීවේ එසේ කිරීමට පෙර දේශපාලනයට ඒමේ අනුමැතිය ජනපතිගෙන් ලැබිය යුතු බවයි.

දේශපාලනයට ආවොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටිය නොහැකි නේදැයි ඇසූ විට ලේකම්වරයා පැවසුවේ ඊට පිළිතුරු දීමට තමනට නොහැකි බවයි. තමා ජනපතිගේ සහෝදරයා වුවත් තම බලතල මජහන යටපත මිස වැරදි දෙයකට යොදා නැතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.