(ජයන්ත සමරකෝන්)
ජනතාව ආරක්ෂා කිරීම මිස මැතිවරණ පැවැත්වීම කෙරෙහි රජය ප්‍රමුඛත්වයක් නොදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද(17) පැවැසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද(17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරි දින කිහිපය තුළ ඇතිවන තත්වය ගැන සලකා ආරක්ෂක පියවරක් ලෙස නගර වසාදැමීමට වුවද, රජය සූදානම් යැයි ද ඒ මහතා කීය.
මෙම වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ගත යුතු සෑම පියවරක් ම ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජුව ප්‍රකාශ කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මෙවැනි වාතාවරණයක් තුළ මෙම රජය නොතිබුණා නම්, ඇතිවන තත්වය කෙබඳුද යන්න සිතාගත නොහැකි බවද, තත්වය මේ තරම් දුරකට පාලනය කරගත හැකිවූයේ ඒ නිසා බවද ඔහු කීවේය.

