(අංජුල මහික වීරරත්න)
රටේ ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවකදී සියලු වාද භේද දුරලා ජනතාව බේරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සෑම විටම කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (18)පැවසීය.
එම දැක්ම මත සිට දැනුමෙන් සහ පළපුරුද්දෙන් පොහොසත් නායකයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී රට මුහුණ දී තිබෙන වත්මන් තත්වය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ බව ද අබේවර්ධන මහතා සඳහන් කළේය.
රටේ ජාතික ව්‍යසනයක් තිබෙන ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිවී ඇති අවස්ථාවක රටේ නායකයා හමුවී මහජනයා ආරක්ෂා කර ගැනීම සඳහා දැනුම සහ පළපුරුද්ද දීමට ක්‍රියා කිරීම ඉතා වැදගත් තීරණයක් බව ද අබේවර්ධන මහතා සඳහන් කළේය.

