‘ජනවාරි 8 වැනිදා ජනතාව තමන් කැමති ජනාධිපති කෙනෙක් තෝරා ගත්තා. අගෝස්තු 17 වැනිදාට ජනතාව කැමැති අගමැති කෙනෙක් තෝරාගන්න වෙනවා. හැබැයි ජනතාවට සිද්ධ වෙනවා ජනතා මුදල් කොල්ලකාපු අගමැති කෙනෙක් තෝරා ගන්නවාද නැත්නම් දූෂණ වංචා නැති සුපිරිසිදු අගමැති කෙනෙක් තෝරා ගන්නවාද යන්න‘ යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා කිරිබත්ගොඩ, මාකොළ පැවැති ජන හමුවකදී පැවසීය.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා රැලිය සංවිධානය කර තිබුණි.





