‘කවදා හරි තමන්ගේ රජයක් පත් කර ගන්න අවස්ථාව ලැබෙනකම් මේ රටේ ජනතාව සෑහෙන කාලයක් බලාගෙන සිටියේ බැටකාලා හොඳටම හෙම්බත් වෙලා. තමන්ට සුදුසු පාලනයක් කරගෙන යන්න බලාපොරොත්තු වුණා සැබෑම වෙනසක් ඇති කර ගන්න. පෙරලන්න බැරිව සිටි නායකයා - මහින්ද රාජපක්ෂ - සියලුම ජාතීන් එකතු වෙලා පෙරළා දැම්මා.‘ යි කෑගල්ල දිස්ත්‍රික් එජාප සංවිධායක රුක්මන් සේනාරත්න මහතා දැරණියගල දිස්ත්‍රික්කයේ පැවැති ජන රැලියක දී පැවසීය.
‘දින 100ක දී දැඩි මෙහෙවරක් කරන්න යහපාලනයට හැකි වුණා. මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් බටු කරන දිනය අත ළඟයි. කෑගල්ලේ දුප්පත් අහිංසක ජනතාව නඟා සිටුවන්න අපි බලාපොරොත්තු වෙනවා.‘

