ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් මායාදුන්නේ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර තමා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.
මෙවර මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2 ක් හිමිවූ අතර ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ සුනිල් හඳුන්නෙත්ති සහ හිටපු විගණකාධිපතිවරයකු වූ සරත් මායාදුන්නේ යන මහත්වරුන් තෝරා ගනු ලැබිණි.
පාර්ලිමේන්තුවේ නොසිටියත් දූෂණයෙන් තොර රටක් බිහිකිරීමට තමා හැමවිටම ඇප කැපවන බවද ජනතාවගේ ඡන්දය හා මනාප අනුව තමා වැනි අයට පාර්ලිමේන්තුවේ ඉඩක් නැති බව පෙනෙන හෙයින්ද තමා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වන්නේ යැයි හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා අද (3) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පසුගිය 1 වැනිදා දිවුරුම් දුන් ඔහුගේ මන්ත්‍රී පදවිය දින 3කට සීමාවිය.

