‘ජන දුක හඳුනන නහර හොඳින් ක්‍රියාත්මක වෙනවා’


(අංජුල මහික වීරරත්න)

ජන දුක දකින විට තම හදවත කම්පා වන අතර තමන්ගේ ජන දුක නහර හොඳින් ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තම ප්‍රතිවාදීන්ට ජන දුක නහර නොමැති නිසා ජනතාව ඔවුන්ට දුක පවසන විට ඔවුන්ගේ ප්‍රතිපත්තිය වන්නේ දුක පවසන ජනතාව වනසා දැමීම යැයි ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

නොවැම්බර්  මාසයේ දී ජනතා තීන්දුව ගන්නා බව ජනදුක හඳුනන නහර තිබෙන්නේ කාටද? නැත්තේ කාටද යන්න හොඳින් විමසා තීන්දු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

ජනතාව මුහුණ දෙන අධික ජිවන වියදම් ගැටලුවට විසඳුම් දීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් හෝ ප්‍රකාශයක් ප්‍රකාශයක් බලයට පැමිණිමට බලා සිටින කිසිවකු මෙතෙක් ප්‍රකාශ කර නැති බව කී ප්‍රේමදාස මහතා රටේ ජනතාවගේ 70 % කට වැඩි පිරිසක් මුහුණ දෙන ජීවන වියදම් ගැටලුව විසඳීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළ තමා සතු බවද පැවසීය.