‘ජගත් යෝජනා නිසා නීතිය කණපිට ගහන්න වේවි‘


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට එල්ලවී ඇති චෝදනාවල දැඩි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයට වඩා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය තුළ අඩුවී ඇතැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ශ්‍රීලනිප පක්ෂ කාර්යාලයේදී අද (1) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද පස්වරුවේ රැස්වන පක්ෂ කාරක සභාවේදී තීරණය කරන බව ඔහු කීවේය. එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නම් මෙරට නීතිය කණපිට හැරවීමට සිදුවන බවද එහිදී නිමල් සිරිපාල මහතා සඳහන් කළේය.

slfp_201510012 slfp_2015100122