පාර්ලිමේන්තුව විසිරුවනවාට ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය යන දෙපිරිසම බයයි වගේ පෙනන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අගමැතිට එරෙහි විශ්වාසභංගය හා පාර්ලිමේන්තුව විසිරුවීම ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කරද්දී ඔහු සේ කීවේය.
පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත්, විශ්වාස භංගයට බය නැතිනම් එය විවාදයට ගන්නා ලෙසත් විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලූහ.
අගමැති - දින සියය අවසන් වෙද්දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙද්දී විපක්ෂයෙන් කිව්වා 20 වැනි සංශෝධනයත් ගෙන එන තුරු පාර්ලිමේන්තුව විසිරුවන්න එපා කියා. දැන් කියනවා පාර්ලිමේන්තුව විසරුවන්න කියලා. අපිට ප්‍රශ්නයක් නෑ. පාර්ලිමේන්තුව විසිරුවනවට අපිත් කැමතියි. විපක්ෂය බයයි පාර්ලිමේන්තුව විසුරුවනවට.
දිනේෂ් ගුණවර්ධන - අපි බය නෑ. විසිරුවන්න.
ලක්ෂමන් කිරිඇල්ල - 20 වැනි සංශෝධනය ද ඕනෑ? විසිරුවන්නට ඕනෑ? 20ට කැමති අය නැගිටින්න.
කතානායක - මට පෙන්නේ දෙගොල්ලන්ම බයයි වගේ විසිරුවනවට.

